2024-05-20 17:53:03
රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් මැයි මස 16 වන දින මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සහය ඇතිව සංවිධානය කරන ලදී.
2024-05-20 17:44:03
12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 12 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි දානපති ජී.කොරතොට මහතාගේ මුල්‍ය අනුග්‍රාහකත්වය ඇතිව විහාරමහාදේවිපුර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 2024 මැයි මස 11 දින නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.
2024-05-20 17:13:35
මුතියංගන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මැයි මස 14 දින සිට 18 දින දක්වා එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සිදුකරනු ලැබීය.
2024-05-19 13:44:26
යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදාව වෙත ක්‍රීඩා දක්ෂතා මත ඉඳුරාම බඳවා ගනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පවත්වනු ලැබූ ආධුණික පුහුණු පාඨමාලාව - (IV අදියර) 2024 මැයි 17 වන දින පුත්තලම, යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති උත්සවයේදී සාර්ථකව අවසන් කරනු ලැබිය.
2024-05-19 13:36:27
56 පාබල සේනාංකය විසින් 561 පාබල බලසේනාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ අන්තර් ඒකක කබඩි තරගාවලිය, 2024 මැයි මස 14 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.
2024-05-18 20:21:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පිඑස්සී, එම බලකායේ බලකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් පසුව 7 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිදු කරනු ලැබූ පළමු නිල සංචාරය 2024 මැයි මස 13 දින සිදුකළේය.
2024-05-18 20:16:26
ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ, අප්‍රේල් මස 24 සහ 25 යන දිනයන්හිදී 6 සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායන්හි නිල සංචාරයක නිරත විය.
2024-05-18 20:12:01
පිළියන්දල, සොයිසා නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා තූර්යවාදක හා රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේ භටපිරිස් එක්ව එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් මැයි මස 16 දින පවත්වනු ලැබීය.
2024-05-17 15:50:29
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වීම වැළැක්වීම සඳහා වූ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැයි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.
2024-05-17 15:45:34
නීතිසේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2024 මැයි මස 15 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපදේශක නිලධාරීන් සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳ සමාලෝචන වැඩසටහනක් පවත්වන ලදී.