20th May 2024 17:53:03 Hours
රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් මැයි මස 16 වන දින මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සහය ඇතිව සංවිධානය කරන ලදී.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම උත්සව අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මහා සංඝරත්නය, පාසල් සිසුන් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් ද සහභාගී වූහ.
උත්සව අවස්ථාවට සපැමිණි ගෞරවනීය ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, එම අවස්ථාවට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් පිරිසක් ද එක් වූහ.