18th May 2024 20:21:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පිඑස්සී, එම බලකායේ බලකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් පසුව 7 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිදු කරනු ලැබූ පළමු නිල සංචාරය 2024 මැයි මස 13 දින සිදුකළේය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී මේජර් එම්.ඒ.එස්.එස් මුතුගොඩ යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කර භටපිරිස් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව, භටපිරිස් අමතමින්, ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය හා විනය මනා ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිතුමන් වෙත 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිළධාරීතුමන් විසින් එම ඒකකයේ කාර්යභාර්ය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය. සියලු නිළ තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූ එතුමන් එහිදී භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.
නිළධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ එතුමන්, කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගි වූහ.