Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2024 17:13:35 Hours

11 පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් මුතියංගන මහා විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

මුතියංගන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මැයි මස 14 දින සිට 18 දින දක්වා එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සිදුකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ගේ උපදෙස් මත භටපිරිස් මෙම වැඩසටහන සිදුකරනු ලැබීය.