Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2024 20:16:26 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපතිතුමන් යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ඒකකයන්හි නිල සංචාරයක

ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ, අප්‍රේල් මස 24 සහ 25 යන දිනයන්හිදී 6 සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායන්හි නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි එතුමන් එම ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව, එම ඒකකයන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනැමූහ. අනතුරුව ඒකක අණදෙන නිළධාරීන් විසින් එම ඒකකයන්හි කාර්යභාර්ය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය. එම සෑම සංචාරයක් අතරතුරදීම එතුමන් භටපිරිස් ඇමතීමද සිදුකරනු ලැබීය.

එම අවස්ථාවන් සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කර සමූහ ඡායාරූපයන් සඳහා ද පෙනී සිටියේය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.