2024-06-23 16:51:39
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.පී. මලවරගේ ආර්එස්පී යූඑස්පී අයිජී ගේ අධීක්ෂණය මත, පොසොන් පොහොය දිනයට සමඟාමීව 2024 ජුනි මස 21 දින පොළොන්නරුව නඟරයට පැමිණෙන සහ පිටවන බැතිමතුන් වෙනුවෙන් මින්නේරිය “ගනර්ස් කලබ්” වෙළඳසැල ඉදිරිපිට දන්සැලක් පවත්වන ලදී.
2024-06-23 16:49:07
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් පොසොන් පොහොය දින සන්ධ්‍යාවේ දී අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල දී බත් දන්සැලක් පවත්වන ලදී.
2024-06-23 16:39:22
පොසොන් පොහොය දිනයට සමඟාමීව ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ගංගා හේරත් මහත්මියගේ සහභිත්වයෙන් 2024 ජුනි මස 21 දින මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී සව් දන්සැලක් සංවිධානය කරන ලදී.
2024-06-22 15:25:53
" නව ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලද වීමේ උත්සවය 2024" මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී 2024 ජුනි මස 19 දින පැවැත්විය.
2024-06-22 15:20:34
නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය සහ දානශාලාව සඟසතු කිරීමේ උත්සවය 2024 ජුනි මස 20 දින පැවැත්විය. මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-06-22 15:17:07
141 පාබල බලසේනාව විසින් එම බලසේනා පරිශ්‍රයේදී ළමා හා කාන්තාවන්ට සිදුවන අපරාධ, නීති ක්‍රියාමාර්ග සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 19 දින පැවැත්විය. 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ පුහුණු දිනයට සමඟාමීව මෙම වැඩසටහන පැවැත් විය.
2024-06-22 15:12:06
පොසොන් පොහෝ දිනට සමගාමීව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 ජුනි මස 17 දින බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටිනිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-06-20 15:17:17
දකුණු පළාත තුළ ප්‍රමුඛතම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2024 ජූලි මස 02 සිට 22 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
2024-06-20 15:13:52
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය, 28 වැනි සංවත්සර දිනය, සැමරුම් උත්සව මාලාවකින් 2024 ජූනි මස 19 දින සමරනු ලැබීය. පලාලි රණවිරු ස්මාරකය අභියසදී
2024-06-20 15:11:30
ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයේ සිසුසිසුවියන් වෙනුවෙන් විශේෂිත නායකත්ව පුහුණු වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (15) දින පැවැත්විණි.