22nd June 2024 15:25:53 Hours
" නව ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලද වීමේ උත්සවය 2024" මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී 2024 ජුනි මස 19 දින පැවැත්විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂක ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය.
පරිශ්‍රයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් විද්‍යාලීය ක්‍රීඩාංගනය වෙත කැඳවාගෙන යනු ලැබූ අතර, පාසලේ ශිෂ්‍යභට ඛණ්ඩය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව,එතුමන් ජාතික කොඩිය එසවිය.
විද්‍යාලයේ දක්ෂ සිසුසිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ අංගයන්ගෙන් මෙම උත්සවය වර්ණවත් විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අභිනවයෙන් පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ශිෂ්‍ය නායක ලාංඡන පළන්දවා උණුසුම් සුභ පැතුම් එක්කළේය. අනතුරුව, ශිෂ්‍ය නායක නායිකාවන් අමතමින් විනය පවත්වාගැනීම, විද්‍යාලයේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ආරක්‍ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් නවතමයෙන් පත්වු ශිෂ්‍ය නායක නායිකාවන් විසින් පාසල වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව අවධාරණය කළේය.
උත්සවයේ වැඩටයුතු අවසන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.