Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2024 15:17:07 Hours

141 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ළමා හා කාන්තා අපරාධ සහ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

141 පාබල බලසේනාව විසින් එම බලසේනා පරිශ්‍රයේදී ළමා හා කාන්තාවන්ට සිදුවන අපරාධ, නීති ක්‍රියාමාර්ග සහ ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 19 දින පැවැත්විය. 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ පුහුණු දිනයට සමඟාමීව මෙම වැඩසටහන පැවැත් විය.

ළමා හා කාන්තා අපරාධ සහ නීතිය පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගම්පහ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිනීෂ්‍යා ප්‍රේමරත්න මහත්මිය විසින් දේශනය පවත්වන ලදී.