Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2024 15:20:34 Hours

ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය සහ දාන ශාලාව සඟසතු කරයි

නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය සහ දානශාලාව සඟසතු කිරීමේ උත්සවය 2024 ජුනි මස 20 දින පැවැත්විය. මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන හිමිපානන් උත්සවයේ මුලසුන හෙබවූ අතර, මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.