23rd June 2024 16:51:39 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.පී. මලවරගේ ආර්එස්පී යූඑස්පී අයිජී ගේ අධීක්ෂණය මත, පොසොන් පොහොය දිනයට සමඟාමීව 2024 ජුනි මස 21 දින පොළොන්නරුව නඟරයට පැමිණෙන සහ පිටවන බැතිමතුන් වෙනුවෙන් මින්නේරිය “ගනර්ස් කලබ්” වෙළඳසැල ඉදිරිපිට දන්සැලක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ බළසේනාධිපති විසින් දන්සැල වෙත පැමිණි පිරිසවෙනුවෙන් පොල් රොටි, කොස් සහ තේ සංග්‍රහයන් කරමින් දන්සැල විවෘත කරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මින්නේරිය කාලතුවක්කු හමුදා සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි විය.