20th June 2024 15:11:30 Hours
ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයේ සිසුසිසුවියන් වෙනුවෙන් විශේෂිත නායකත්ව පුහුණු වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (15) දින පැවැත්විණි.
112 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස්මත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුඵවේ අණදෙන නිළධාරීගේ අධීක‍්ෂනය යටතේ මෙම වැඩසටහන පැවැත්විණි. පාසල් සිසුසිසුවියන්ගේ නායකත්ව ගුණාංග, කණ්ඩායම් ක්‍රියාකාරකම් කුසලතා සහ සමාජ ආචාරශීලිත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන පවත් වන ලදී.