2024-06-28 08:49:14
ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුනි මස 25 දින ඉංජිනේරු සේනාංක පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-06-28 08:48:56
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය නාගදීපය රජමහා විහාරස්ථානයේදී 2024 ජූනි මස 22 දින පැවැත්වුණු අතර, අනතුරුව 2024 ජූනි මස 23 දින යාපනය වාලම්පුරි හෝටලයේදී ලෝක බෞද්ධ එකමුතුවේ 5 වන මහා සමුළුව පැවැත්විණි.
2024-06-28 08:47:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අන්තර් බලඇණි සරඹ තරඟාවලිය - 2024, එම බලකා පුහුණු පාසලේදී 2024 ජුනි මස 14 දින පවත්වන ලදී.
2024-06-28 08:44:35
ඕස්ට්‍රේලියානු සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් මයිකල් වෙබ් (Lieutenant Colonel Michael Webbe) සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් සීඑස්සී එන්ඩීසී (Colonel Amanda Johnston CSC and Bar ndc) 2024 ජුනි මස 26 දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.
2024-06-28 08:41:49
වාද්දුව ‘ලායා බීච්’ හෝටලය මගින් පවත්වන ලද මූලික භෝජනාගාර සහායක පාඨමාලාවේ සහතිකපත්‍ර ප්රදානෝත්සවය 2024 ජුනි මස 18 වන දින පැවැත්විණි. දින 45ක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සිසුන් 09 දෙනෙකු සහභාගී වූහ.
2024-06-27 00:07:53
2 වන ආසියානු විසි කිරීමේ ශූරතාවලිය, 2024 ජුනි මස 14 සහ 15 යන දිනයන් හිදී කොරියාවේදී පැවති අතර, එ් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු මාණ්ඩලික සැරයන් නදීෂා ලේකම්ගේ සහ කෝප්රල් සුමේධ රණසිංහ සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළේය.
2024-06-27 00:01:59
18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 90 දෙනෙකු, කල්මුණේ මූලික රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 35 දෙනෙකු සහ ‘ලයිකා ඥානම්’ පදනමේ ස්වේච්ඡා සේවකයන් 35 දෙනෙකු එක්ව කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-06-26 21:25:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 25 දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපොලෙහි නිල සංචාරයක නිරත වූයේය.
2024-06-26 21:24:09
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුනි මස 24 දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේ දී පවත්වන ලදී. ධූරයෙන් නික්ම යන එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරී භාරගැනීමට නියමිතව ඇත.
2024-06-26 21:19:30
මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් සඳහා නිල ලාංඡන පැලදවීමේ උත්සවයක් 2024 ජූනි මස 25 දින පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.