28th June 2024 08:47:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අන්තර් බලඇණි සරඹ තරඟාවලිය - 2024, එම බලකා පුහුණු පාසලේදී 2024 ජුනි මස 14 දින පවත්වන ලදී.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී සහභාගී විය. සරඹ තරඟාවලිය සඳහා 1, 7, 2(ස්වෙච්ඡා) සහ 3(ස්වෙච්ඡා) යන යුද්ධ හමුදා කාන්තා බලකායන් නියෝජනය කරමින් සරඹ ඛණ්ඩායම් හතරක් සහභාගී වූහ.
ඉහල දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් සරඹ තරඟාවලියේ ශුරතාවය 1 යුද්ධ හමුදා කාන්තා බලකාය හිමිකර ගත් අතර, දක්‍ෂතම සරඹ කණ්ඩායමට අණදෙන්නා ලෙස කපිතන් එම්.තෙන්නකෝන් සහ දක්‍ෂතම සරඹ උපදේශක ලෙස මාණ්ඩලික සැරයන් එන්.ධර්මිණි සම්මාන හිමිකර ගත්හ.