Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2024 08:49:14 Hours

ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුනි මස 25 දින ඉංජිනේරු සේනාංක පරිශ්‍රයේ දී පවත්වන ලදී.

ඉංජිනේරු සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, එතුමන් සංකේතාත්මකව නිල භාරදීම් ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු අවසන් කරන ලදී.

අනතුරුව, එතුමන් සියලුම නිලයන් අමතමින් තම ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කරමින් රාජකාරීන් සිදුකිරීමේදී ඉහළ ප්‍රමිතීන් පවත්වා ගෙනයාමට ලබාදුන් දායකත්වයද අගය කළේය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූ අතර, අනතුරුව සියලුම නිලයන් විසින් කඳවුරෙහි ප්‍රධාන මාර්ගය දෙපස සිට ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස නව ධූරයේ රාජකාරීන් භාරගැනීම සඳහා නික්ම යන යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක්කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගි වූහ.