28th June 2024 08:41:49 Hours
වාද්දුව ‘ලායා බීච්’ හෝටලය මගින් පවත්වන ලද මූලික භෝජනාගාර සහායක පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2024 ජුනි මස 18 වන දින පැවැත්විණි. දින 45ක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සිසුන් 09 දෙනෙකු සහභාගී වූහ.
සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘ලායා’ හෝටල් ජාලයේ සාමාන්‍යාධිකාරී කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර සහභාගී වූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ හෝටල් කාර්යය මණ්ඩලයද සහභාගි වූහ.