Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2024 00:07:53 Hours

2 වන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

2 වන ආසියානු විසි කිරීමේ ශූරතාවලිය, 2024 ජුනි මස 14 සහ 15 යන දිනයන් හිදී කොරියාවේදී පැවති අතර, එ් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු මාණ්ඩලික සැරයන් නදීෂා ලේකම්ගේ සහ කෝප්‍රල් සුමේධ රණසිංහ සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළේය.

එහිදී, කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 57.94 ක දුරක් වාර්ථා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීෂා ලේකම්ගේ සහ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 77.57 ක දුරක් වාර්ථා කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් සුමේධ රණසිංහ යන යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනාගත්හ.

ඡායාරූප අනුග්‍රහය: Ceylon Athletics