26th June 2024 21:24:09 Hours
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුනි මස 24 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේ දී පවත්වන ලදී. ධූරයෙන් නික්ම යන එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරී භාරගැනීමට නියමිතව ඇත.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, එතුමන් කාර්යාල පරිශ්‍රයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරදීම සිදුකරන ලද අතර, පසුව මූලස්ථානය පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිහය. අනතුරුව, සියලුම නිලයන් ආමන්ත්‍රණය කරමින් තම රාජකාරි කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගි වූහ.