Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2024 21:25:09 Hours

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපොලේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 25 දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපොලෙහි නිල සංචාරයක නිරත වූයේය.

හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපොල පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම වැඩපොලෙහි සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව, සේනාවිධායකතුමන් විසින් කර්නල් සේනාවිධායකතුමන් වෙත එම වැඩපොලෙහි රාජකාරි, වගකීම් සහ දැනට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කරන ලදී.

අනතුරුව, එතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ කර්නල් සේනාවිධායකතුමන් අනතුරුව, සියලුම නිලයන් ආමන්ත්‍රණය කරමින් විනය, වෘත්තීයභාවය, වංචනික මූල්‍යමය කටයුතු සඳහා සම්බන්ධ නොවීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම සහ පුහුණුවීම් කටයුතු වල අඛණ්ඩව නිරතවීම වැනි වැදගත් කරුණු පිළිබඳව අවධාරණය කළේය.

භටපිරිස් ඇමතීමෙන් අනතුරුව එතුමන් වැඩපොල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.