2024-07-13 21:33:07
14 පාබල සේනාංකය සංවිධානය කරන ලද ‘අභියෝග කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2024’ කැලණිමුල්ල 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස 9 දින සිට 12 දින දක්වා පැවැත් විය. මෙම තරඟාවලියට බලසේනා සහ බලඇණිවල කණ්ඩායම් 18ක් සහභාගි වූහ.
2024-07-13 21:30:08
ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලා අංක 49 නිලධාරින් සහ සෙසුනිලයන් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024 මැයි මස 10 දින සිට 2024 ජූලි මස 11 දින දක්වා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පැවැත්විය. මෙම පාඨමාලාව එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රගේඩියර් ආර්.පී මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය.
2024-07-13 18:57:44
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් පී.ඩී.එස්.එන්. ගුණරත්න ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ පුහුණු දිනයට සමගාමීව 2024 ජූලි මස 03 දින ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී ශාරීරික පුහුණු වැඩසටහනක්, දේශන සහ විනෝදාත්මක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා සෙසුනිලයන් 50 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
2024-07-13 17:57:44
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූලි මස 12 දින රාජකාරි භාර ගන්නා ලදී.
2024-07-12 15:01:10
කොළඹ යුද්ධ හමුදා මුලික රෝහල වෙතින් 2024 ජූලි මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ‘නිරෝගී යුද්ධ හමුදාවක් - නිරෝගී ජාතියක්’ තේමාව ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. හෘදයාබාධ, ආඝාතය, හදිසි මරණ වැළැක්වීම, සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතය සහ පෝෂණය, පිළිකාවන් පෙර හඳුනාගැනීම සහ ආතතිය කළමනාකරණය කරගැනීමේ ශිල්පීය ක්‍රම ඇතුළු තීරණාත්මක සෞඛ්‍ය සම්පන්න මාතෘකාවන් ඔස්සේ මෙම දේශනයේදී භටපිරිස් දැනුවත් කෙරිණි.
2024-07-12 14:49:51
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම දේවාලය සඳහා නව මුළුතැන්ගෙයක් ඉදිකිරීමට සහ බැතිමතුන්ට මැණික් ගඟේ සිට දේවාල පරිශ්‍රයට පිවිසීමට නව පියගැටපෙළක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.
2024-07-12 14:40:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 14 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජූලි මස 10 දින එම බලකා පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය. ප්‍රධාන දොරටුව වෙත සැපමිණි බලකාධිපතිතුමන් එම මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
2024-07-12 14:37:51
යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්ය නියුක්ත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී. විජේරත්න 2024 ජූලි මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-07-12 14:35:51
21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 10 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-07-11 18:12:45
වසර එක හමාරකට අධික කාලසීමාවක් ධූරයේ රාජකාරි ඉටුකර ධූරයෙන් නික්ම යන 53 පාබල