11th July 2024 18:12:45 Hours
වසර එක හමාරකට අධික කාලසීමාවක් ධූරයේ රාජකාරි ඉටුකර ධූරයෙන් නික්ම යන 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජූලි මස 08 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ. නිල වශයෙන් ධූරයේ රාජකාරි භාරදීමෙන් පසු එතුමන් සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනීසිටියේය.
ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.