Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2024 14:37:51 Hours

නව කාර්ය නියුක්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්ය නියුක්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී. විජේරත්න 2024 ජූලි මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගත්තේය.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී. විජේරත්න සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මීට ප්‍රථම, මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී විසින් මෙම ධූරය හොබවන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.