Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2024 21:33:07 Hours

14 පාබල සේනාංක වොලිබෝල් තරගාවලියේ ජය 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට

14 පාබල සේනාංකය සංවිධානය කරන ලද ‘අභියෝග කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2024’ කැලණිමුල්ල 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස 9 දින සිට 12 දින දක්වා පැවැත් විය. මෙම තරඟාවලියට බලසේනා සහ බලඇණිවල කණ්ඩායම් 18ක් සහභාගි වූහ.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී සහභාගි විය. කණ්ඩායම් අතර උණුසුම් තරඟ වට කිහිපයකින් 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව ශූරතාව දිනා ගැනීමට සමත් විය.