12th July 2024 14:40:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 14 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජූලි මස 10 දින එම බලකා පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය. ප්‍රධාන දොරටුව වෙත සැපමිණි බලකාධිපතිතුමන් එම මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
බලකාධිපති තුමන්ගේ නව පත්වීම වෙනුවෙන් එම කාර්යාලයේදී ආශිර්වාදය එක්කිරීම වෙනුවෙන් ආගමික උත්සවයක් සංවිධානය කරන ලදී. අනතුරුව, එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය
ඉන් අනතුරුව, බලකාධිපතිතුමන් සියලු නිලයන් අමතමින් එම රෙජිමේන්තුවේ වෛද්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය, පුහුණුව සහ පරිපාලන කටයුතු ඉහළ නැංවීමේ තම අරමුණු සහ සැලසුම් අවධාරණය කළේය. සියලු නිලයන් වෙනුවෙන් පැවති තේ පැන් සංග්‍රහයක් සහ එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව දවසේ වැඩකටයුතු නිමා විය.