12th July 2024 14:35:51 Hours
21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 10 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
නව සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් සොල්දාදුවන්ගේ විනය ඉහළ මට්ටමින් පවත්වාගැනීමේ වැදගත්කම සහ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ පැහැදිළි කළේය. ඉන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ