Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2024 17:57:44 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂක ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ලෙස බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූලි මස 12 දින රාජකාරි භාර ගන්නා ලදී.

නව අධ්‍යක්‍ෂක තුමන් එම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් එතුමන්ව සිය කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය. නව පත්වීම වෙනුවෙන් එතුමන් වෙත සිය කාර්යාලයේදී ආශිර්වාදය එක්කිරීම සඳහා ආගමික උත්සවයක් සංවිධානය කරන ලදී. අනතුරුව, එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

භට පිරිස් ඇමතීමෙන් අනතුරුව, සියලු නිලයන් වෙනුවෙන් පවත්වන ලද තේ පැන් සංග්‍රහයෙන් පසුව උත්සවයේ වැඩකටයුතු අවසන් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.