2017-03-19 16:23:13
රෝහල් බළධාරින්ගේ ඉල්ලිමකට අනුව, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කායි සහ අයියන්කන්කුලම් රෝහල්වල කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ සහයෝගයෙන්, රෝහල් අවට පරිසරය හා කැලි කසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්රාමදාන ව්‍යාපෘතියක් මාර්තු මස 09 සහ 10 දින එම රෝහල් පරිශ්‍රයන් හිදී පවත්වන ලදි.
2017-03-18 12:13:04
ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව සංවිධානය කරන වසරේ දැවැන්ත යතුරු පැදි ධාවන තරගයක් වන ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2017’ 15 වන වරටත් කුරුණැගල, .....
2017-03-18 12:12:07
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 2017 වර්ෂය සඳහා වු පළමු රෙජිමේන්තු කවුන්සිලය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසඩ්. වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (17) දින එම රෙජිමේන්තු ශ්‍රාවණාගාරයේ දී පවත්වන ලදි.
2017-03-17 09:22:47
62 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මුලිකත්වයෙන් ලෝක වකගඩු දිනයට සමගාමිව නිදන්ගත වකුගඩු රෝග පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 09 දින ගල්කුලම පිහිටි එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2017-03-16 17:22:37
වට්ටාපලෙයි මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් 110 ක් වෙනුවෙන් නොමිලේ මාර්තු මස 10 සිට 13 දක්වා ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්වා.....
2017-03-16 17:09:27
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු මිට පෙර විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදැරු නිලධාරින් 04 ක් සහ සෙසුනිලයන් 32 ක් සඳහා 2017 වර්ෂය සඳහා වු සංස්කරණ පාඨමාලාව අංක - 01 ජනවාරි මස 25 වන දින ආරම්භ වූ අතර, එය මාර්තු මස 15 වන බදාදා දින කල්යානිපුර බලඇණි පුහුණු පාසලේ දී අවසන් විය.
2017-03-16 16:56:55
English Bee ඇකඩමි ආයතනයේ සිසුන් විසින් බදාදා (15) දින දියතලාව, කඳුරුගොඩ පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත භට පිරිස් සිය දායකත්වය දක්වන ලදි.
2017-03-16 16:46:49
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහගේ උපදෙස් මත ඉරිදා (12) දින ‘මැදින් පුන් පොහෝය’ දිනය නිමිත්තෙන් එම සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් ගල්කුලම පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදි.
2017-03-16 10:15:52
ශ්‍රී ලංකාවේ පිහිටි බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු එස්. අස්ලම් පාවේශ් මහතා සදුදා (13) දින නැගෙනහිර පලාතේ සංචාරයක් අතරතුර දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2017-03-16 10:14:12
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනාවේ 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් රුපියල් 45,000/= ක් වටිනා පාසල් ගෘහ භාණ්ඩ තොගයක් සිකුරාදා.............