Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2017 17:22:37 Hours

අධ්‍යාපන චාරිකාව සංවිධානය කිරීම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙත වට්ටාපලෙයි ගුරුවරුන් සහ සිසුන්ගේ ප්‍රශංසා

වට්ටාපලෙයි මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් 110 ක් වෙනුවෙන් නොමිලේ මාර්තු මස 10 සිට 13 දක්වා ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්වා දින 4 ක අධ්‍යාපන චාරිකාවක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් සංවිධානය කිරීම සබැඳිව එම විද්‍යාලයේ විදුහල්පති ඇතුලු කාර්ය මණ්ඩලය සිය ප්‍රශංසාව පුද කරන ලදි.

වට්ටාපලෙයි මහා විද්‍යාලයේ ඉංග්‍රිසි ගුරුවරයකු වන ක්‍රිෂ්ටියන් අනුශාන්ත් මහතා විසින් මේ සම්බන්ධයෙන් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති සහ එහි නිලධාරින් හට ලිපියක් මඟින් සිය කෘතඥතාවය පල කර සිටියහ.

වට්ටාපලෙයි මහා විද්‍යාලයේ විදුහල්පති තිරුක්කුමර් මහතා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර වශයෙන් යුද හමුදාපතිතුමන්ගේ උපදෙස් මත බස් දෙකක්, ආහාර හා නවාතැන් පහසුකම් මෙන්ම අනෙකුත් සියලු පහසුකම් ලබාදෙන ලදි. කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයන් හී සිදු කළ මෙම ඓතිහාසික සංචාරය සඳහා සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් අසේල ඔබේසේකර ඇතුලු තවත් නිලධාරින් පිරිසක්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ද සහභාගි වුහ.

මෙහිදි, එම සිසුන් 110 දෙනා පළමු වරට ග්‍රහලෝකාගාරය, ‍කෞතුකාගාරය, සත්තුවත්ත, පාර්ලිමේන්තුව, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල, කොළඹ වරාය, දියත උයන, ගාලු මුවදොර පිටිය, ගංගාරාමය ආදි ස්ථාන නරඹන ලදි.

එමෙන්ම, මේ සැබැදිව ඉහත ගුරුවරයා විසින් තම පණිවිඩය මගින් යුද හමුදාවේ කැපවිම සහ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර, පසුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවි සිය කෘතඥතාව පල කරන බව ද දන්වා ඇත.

Sportswear Design | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!