Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2017 16:46:49 Hours

62 වන සේනාංකයෙන් ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක්

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහගේ උපදෙස් මත ඉරිදා (12) දින ‘මැදින් පුන් පොහෝය’ දිනය නිමිත්තෙන් එම සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් ගල්කුලම පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදි.

වෙහෙරගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉඹුල්ගොඩ පඥ්ඥාසීල ස්වාමින් වහන්සේ මෙහෙය වූ මෙම වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයින් 300 ක් සහභාගි වූහ.

62 වන සේනාංකයේ සේනාංකාධිපති නියෝජනය කරමින් එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලුතිතන් කර්නල් ජේ.එම්.එන්.කේ. ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

affiliate tracking url | Nike for Men