Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2017 09:22:47 Hours

නිදන්ගත වකුගඩු රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

62 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මුලිකත්වයෙන් ලෝක වකගඩු දිනයට සමගාමිව නිදන්ගත වකුගඩු රෝග පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 09 දින ගල්කුලම පිහිටි එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

එමෙන්ම, සිකුරාදා (10) දින පදවිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ.ජි.එම්.එම්. ධර්මදාස සහ නිදන්ගත වකුගඩු රෝග පිළිබඳ ප්‍රාදේශීය අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් භට පිරිස් අතුරින් වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ වෛද්‍ය සායනයක් ද පැවැත්විය.

වෛද්‍ය නිලධාරීන් 7 ක් සහ වෛද්‍ය සහායකයින් 8 දෙනෙකු මෙම උපදේශන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගි වූ අතර, එහිදි නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු 250 ක් වෛද්‍ය පරික්ෂණ සඳහා භාජනය කෙරිනි.

Nike footwear | NIKE AIR HUARACHE