Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2017 16:56:55 Hours

ලේ දන්දිමේ කඳවුර සඳහා භට පිරිස් හි දායකත්වය

English Bee ඇකඩමි ආයතනයේ සිසුන් විසින් බදාදා (15) දින දියතලාව, කඳුරුගොඩ පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත භට පිරිස් සිය දායකත්වය දක්වන ලදි.

එහිදි කඳුරුගොඩ විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, යුද හමුදා සාමාජිකයින් ප්‍රමුඛ සිවිල් වැසියන් පංච සීලයේ පිහිටුවිමෙන් අනතුරුව මෙදින වැඩසටහන ආරම්භ කෙරිනි.

7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සේවයේ නියතු යුද හමුදා සාමාජිකයින් 60 ක් මෙන්ම ප්‍රදේශයේ වැසියන් ද මෙම වැඩසටහන සඳහා දායකත්වය දැක්විය.

jordan release date | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival