Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2017 17:09:27 Hours

62 වන සේනාංකයේ විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලාව 2017 අදියර I අවසන් වේ

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු මිට පෙර විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදැරු නිලධාරින් 04 ක් සහ සෙසුනිලයන් 32 ක් සඳහා 2017 වර්ෂය සඳහා වු සංස්කරණ පාඨමාලාව අංක - 01 ජනවාරි මස 25 වන දින ආරම්භ වූ අතර, එය මාර්තු මස 15 වන බදාදා දින කල්‍යානිපුර බලඇණි පුහුණු පාසලේ දී අවසන් විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ මඟපෙන්විම යටතේ 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ විසින් මෙම පාඨමාලාවේ අධික්ෂණ කටයුතු සිදු කළහ.

මෙම පාඨමාලාවේ අරමුණ වනුයේ 2009 ට ප්‍රථම පැවති මානුෂිය මෙහෙයුමේදි දක්ෂතා දැක්වු විශේෂ පාබල පුහුණු පාඨමාලාව හැදැරු භට පිරිස් හි දැනුම වර්ධනය කිරිම වේ.

62 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් අවසන් දේශනය සිදුකළ අතරම දක්ෂතා දැක්වුවන් හට සහතිකපත් ප්‍රදානය කිරිම ද සිදු කළහ.

බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව එක්ව සිටියහ.

affiliate tracking url | Autres