2017-06-26 18:26:06
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන චර්යාවර්ධනය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් බදාදා (21) දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු දේශන ශාලාවේ දී පවත්වනු ලැබීය. ‘ගෘහස්ථ ප්රචණ්ඩත්වය හා කාන්තා හිංසනය’, ‘ප්‍රීතිමත් දිවියක් සහ ජීවන නිපුණතා’, ‘නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ’ සහ.........
2017-06-22 14:26:19
‘තායිලන්ත ජවන හා පිටිය විවෘත මළල ක්‍රිඩා ශුරතාවලිය 2017’ ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, තායිපේ සහ සිංගප්පුරුව යන රටවල්වල සහභාගීත්වයෙන් බැංකොක් හි පැවති අතර, එහිදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් විසින් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 03 ක් හිමිකරගනු ලැබීය.
2017-06-17 20:09:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත සෙසු නිලයින් බඳවා ගැනීම (වෘත්තීය සහ පොදු රාජකාරි) 2017 ජූනි මස 30 දක්වා සිදු කරන අතර, වයස අවුරුදු 18 ට නොඅඩු 26 ට නොවැඩි අවිවාහක අයවලුන් විය යුතුය. ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්යක්ෂ මණ්ඩලයට අනුව සියලු දිමනා සහිතව මාසිකව රුපියල් 61,530/= මුදලක් ඔවුනට හිමිවේ.
2017-06-16 22:39:09
පසුගිය දා ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කරංගොඩ ග්‍රාමසේවා වසමේ පවුල් 126 ක් වෙත සහ ළමුන් 250 ක් වෙත වියලි සලාක පාර්සල් සහ පාසල් උපකරණ ලබාදීමේ.....
2017-06-16 10:25:37
යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ භකාස පාඨමාලාව අංක 04 (LSC) සඳුදා (12) දින එම විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ආරම්භ කරන ලදි. අවුරුද්දක කාලයක් පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා නේපාලය සහ බංගලාදේශය නියෝජනය කරමින් විදේස් නිලධාරීන් දෙදෙනෙකු.....
2017-06-15 15:52:02
පොසොන් පොහොය නිමිත්තෙන් සාලියවැව, කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අනුරාධපුර රෝහලේ ලේ බැංකුවේ ඉල්ලීම මත ලේ දන්දීම සිදු කරන ලදි.
2017-06-13 16:38:42
ගැමුණු හේවා බළකායේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සෙනසුරාදා (10) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.
2017-06-12 16:16:44
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම මුලස්ථාන භටපිරිස්හි නිර්මාණාත්මක කුසලතාවයන් ඔප්නැංවීම, දිරිගැන්වීම සහ ඔවුන්ගේ කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ජූනි මස 09 සහ 10 දෙදින තුළ ‘නව නිපැයුම් ප්‍රදර්ශනය - 2017’ එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාපිටියේදී පවත්වනු ලැබීය.
2017-06-12 16:15:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම ඒකකයන්ට අයත් රණක්ෂිතයට පත් රණවිරුවන් හට වෘත්තිය පුහුණුව ලබාදිම වෙනුවෙන් ආරම්භ කළ හැදල පිහිටි රණවිරු සම්පත් කේන්ද්‍රය 2017 මැයි 24 වන දින සිය සිව්වන සංවත්සරය සමරනු ලබයි. සංවත්සර වැඩසටහන ආගමික කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙමින් කැලණි රජමහා විහාරයේ පැවති බෝධිපුජා පිංකමකින් ආරම්භකළ අතර, කටාන වැඩිහිටි නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබුහ.
2017-06-11 09:10:24
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් 14 දෙනෙකු, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා සම්බන්ධිකරණයෙන් කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් ....