Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2017 10:25:37 Hours

යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක 04 ආරම්භ වේ

යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ භකාස පාඨමාලාව අංක 04 (LSC) සඳුදා (12) දින එම විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ආරම්භ කරන ලදි.

අවුරුද්දක කාලයක් පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා නේපාලය සහ බංගලාදේශය නියෝජනය කරමින් විදේස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු නිලධාරීන් 34 දෙනෙකු සහභාගි වන අතර, මෙහි ආරම්භක දේශනය යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ජී.අයි.විද්‍යානාන්ද විසින් සිදු කරනු ලැබීය.

ප්‍රවීණ උපදේශක නිලධාරීන්ගේ සහ සම්පත්දායකයින්ගේ උපදේශකත්වයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාව 2018 වර්ෂයේ මැයි මස අවසන්වීමට නියමිත අතර, මෙම සමාරම්භක උත්සවය සඳහා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක කර්නල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර ඇතුලු නිලධාරීන් ද එක්ව සිටියහ.

affiliate link trace | Nike Shoes, Clothing & Accessories