Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2017 16:16:44 Hours

‘නව නිපැයුම් ප්‍රදර්ශනය - 2017’ සඳහා මුලතිව් භට පිරිස් එක්වේ

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම මුලස්ථාන භටපිරිස්හි නිර්මාණාත්මක කුසලතාවයන් ඔප්නැංවීම, දිරිගැන්වීම සහ ඔවුන්ගේ කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ජූනි මස 09 සහ 10 දෙදින තුළ ‘නව නිපැයුම් ප්‍රදර්ශනය - 2017’ එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාපිටියේදී පවත්වනු ලැබීය.

නව නිපැයුම් 39 කින් සමන්විත වූ මෙම ප්‍රදර්ශනය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා නියෝජනය කරමින් එම මූලස්ථාන බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් විවෘත කරනු ලැබීය.

මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලද නව නිර්මාණ නිරීක්ෂණය කිරීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටී.සි. බමුණුආරච්චිගේ මහතා සහ කෘෂිකර්ම අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජී.ඒ.සී. ගිනිගද්දර මහත්මිය සමඟින් යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

Sportswear Design | New Releases Nike