Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2017 15:52:02 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙතින් ලේ දන්දීමේ කඳවුරක් සහ ජංගම අක්ෂි සායනයක්

පොසොන් පොහොය නිමිත්තෙන් සාලියවැව, කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අනුරාධපුර රෝහලේ ලේ බැංකුවේ ඉල්ලීම මත ලේ දන්දීම සිදු කරන ලදි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ ගේ මඟපෙන්විම යටතේ එම පුහුණු මධ්‍යස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 121 කට වැඩි පිරිසක් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගි වූහ.

මීට අමතරව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් ඔවුන්ගේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් ජූනි මස 01 වන දින ජයගම තුලාන බෝසෙවන මෙහෙණි ආරාමයේ දී ජංගම අක්ෂි සායනයක් පවත්වනු ලැබීය.

කැන්ඩි දෘෂ්ඨි විශේෂඥයෝ හි වෛද්‍ය නිමල් වීරකොන් මහතා විසින් මේ සඳහා අනුග්‍රහය දැක් වූ අතර, එහිදි සිවිල් වැසියන් 500 කගේ පමණ අක්ෂි පරික්ෂා කරමින් ඇස්කණ්ණාඩි 128 ක් ද බෙදාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වූහ.

Mysneakers | NIKE