13th June 2017 16:38:42 Hours
ගැමුණු හේවා බළකායේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සෙනසුරාදා (10) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.
එහි පැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන්ව ගැමුණු හේවා බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගත් අතර, අනතුරුව හමුදා සම්ප්‍රදායානුකුලව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.
නව රෙජිමේන්තු අධිපතිතුමා සංකේතාත්මකව නිළ ලේඛණවලට අත්සන් තබමින් සිය රාජකාරීන් භාරගත් අතර, ඉන්පසු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කරමින් සියලු නිළ තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය.
මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති තනතුර ද හොබවනු ලබයි.
ගැමුණු හේවා බළකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනුෂා ප්‍රනාන්දු මහත්මිය, පවුලේ සාමාජිකයින්, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Running Sneakers Store | jordan Release Dates