Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2017 22:39:09 Hours

‘රංගිරි ශ්‍රී ලංකා’ සමාජ සත්කාර වැඩසටහන සහ ගැමුණු හේවා බලකා භට පිරිස් එක්ව ගංවතුරින් විපතට පත්වූවන් වෙත සහන සැලසීමේ වැඩසටහනක

පසුගිය දා ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කරංගොඩ ග්‍රාමසේවා වසමේ පවුල් 126 ක් වෙත සහ ළමුන් 250 ක් වෙත වියලි සලාක පාර්සල් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (15) දින කරංගොඩ විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා රංගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රධාන රංගිරි ශ්‍රී ලංකා සුබසාධන වැඩසටහන විසින් අනුග්‍රහය දක්වනු ලැබීය.

රංගිරි දඹුලු පාර්ශවයේ ලේකඛාධිකාරි මෙන්ම රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් පූජ්‍ය දණියාගම ආනන්ද නායක ස්වාමින් වහන්සේ, එම මාධ්‍ය ජාලයේ ගුවන් විදුලි කළමණාකාර අනුරාධ රෝහන කපුකොටුව මහතා, ගුවන් විදුලි කළමණාකාර ජනිත් ද සිල්වා මහතා, මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය සහ 8 වන ගැමුණු හේවා බලකා භට පිරිස් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports brands | Nike for Men