2023-07-14 00:49:50
ජාතීන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, ජුලි මස 6-9 යන දිනයන්හි නැගෙනහිර කලාපයේ ‘නාකූරා’ (Naqoura) හි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) රාජකාරි කරනු ලබන ‘ශ්‍රී බේස්’ (Sri Base) කඳවුරු පරිශ්‍රයේ සහ ඉන්දියානු බලඇණියේ (INDBATT) පුහුණු කරන ලද සුනඛයන් සහ ඔවුන්ගේ භාරකරුවන් යොදා ගනිමින් දින දෙකක දීර්ඝ ‘K-9 ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක්’ පවත්වනු ලැබූය.
2023-07-14 00:43:39
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 39 වන සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය බදාදා (ජුලි මස 12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේදී එහිදී ගැබිණි යුද්ධ හමුදා කාන්තා නිළධාරිනියන් සහ ගැබිණි යුද්ධ හමුදා සෙබලියන් වෙත අත්‍යාවශ්‍ය සලාක පාර්සල් 50 ක් සහ තෑගි පාර්සල් තොගයක් බෙදා දෙන ලදී.
2023-07-14 00:35:43
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත එම මුලස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ස්කොෂ් ක්‍රීඩා පිටිය, ටෙනිස් ක්‍රීඩා පිටිය, බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය පසුගිය අඟහරුවාදා (11) දින භටපිරිස් වෙත පවරා දෙන ලදී.
2023-07-14 00:32:03
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත කිරීමට යෝජිත නව බලඇණි පුහුණු පාසලේ ඉදිකිරීම් භූමියේ වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා බදාදා (ජූලි මස 12) දින පානළුව යුුද්ධ හමුදා වෙඩි පිටියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.
2023-07-14 00:26:23
අම්පාර ප්‍රදේශයේ පිහිටි දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියර පසුගිය සඳුදා (ජුලි මස 09) දින ආරම්භ කරනු ලැබූ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව කරගෙන යාම වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් පසුගිය ඉරිදා (ජුලි මස 09) දින සන්ධ්‍යාවේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි.
2023-07-12 20:36:50
මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 131 දෙනෙකු සහ සෙසුනිලයන් 2864...
2023-07-12 20:33:02
54 පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න...
2023-07-12 20:27:24
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය...
2023-07-12 20:18:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සමඟ...
2023-07-11 21:50:03
ලෙබනනයේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රථම ‘Exercise Falcon Strike I - 22/23’ යුද අභ්‍යාසය 2023 ජුනි මස 22 දින ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථාන ආධාරක ඒකක පුහුණු ශාඛාව, ඉන්දුනීසියානු හමුදා ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භඨ කණ්ඩායම, ටැන්සානියානු හමුදා ඒකකය, එක්සත් ජාතීන්ගේ අතුරු බලකා රෝහල සහ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ආරක්ෂක අංශයේ නියෝජිතයන් රැසක් සහභාගී වූහ.