Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

    2023-07-11 00:09:08

    ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

    බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගේ පුහුණු ක්‍රමවේදයන්හි එක් කොටසක් වශයෙන් පසුගිය සඳුදා (ජූලි මස 10) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි රාජකාරි සම්බන්ධයෙන් මූලික දැනුම ලබාගත්හ. ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකු සහභාගී විය. මෙම සංචාරය සඳහා යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස්.පී. වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද එක්ව සිටියහ.

  • 23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

    2023-07-10 23:58:20

    23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

    පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජූලි මස 7) දින එම සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. සේනාංක මූලස්ථානය වෙත සපැමිණී බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරාවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.

  • හබරණ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

    2023-07-10 23:42:50

    හබරණ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

    23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 231 පාබල බලසේනාවට අයත් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 53 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින හබරණ, ගල්ඔය ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් නිවාදැමීමට සිය සහයෝගය ලබාදුන්හ. ලැව් ගින්න පැතිරීමත් සමඟ හබරණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් 231 පාබල බලසේනාවේ භටපිරිස් සහ ප්‍රදේශයේ අනෙකුත් පිරිස් මෙම ගින්න නිවාදැමීම සඳහා අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රෙජිමේන්තු සංචාරයක

    2023-07-10 23:20:10

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රෙජිමේන්තු සංචාරයක

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස පසුගිය දා ධූරයේ රාජකාරි භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

  • ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පැසිපන්දු පිටිය විවෘත කෙරේ

    2023-07-10 11:34:44

    ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පැසිපන්දු පිටිය විවෘත කෙරේ

    ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව පැසිපන්දු පිටිය පසුගිය සෙනසුරාදා (ජූලි මස 08) දින උදෑසන පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණී.

  • මනම්පිටිය, කොටලීය පාලම අසලදී අනතුරට පත් බස් රථයේ මඟින් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    2023-07-10 09:33:21

    මනම්පිටිය, කොටලීය පාලම අසලදී අනතුරට පත් බස් රථයේ මඟින් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    මනම්පිටිය, කොටලීය පාලම අසලදී පසුගිය ඉරිදා (09) දින සන්ධ්‍යාවේ 7.30 ට පමණ කොටලීය ඔයට පෙරලුණු බස් රථයේ මඟින් මුදවාගැනීම සඳහා 12 ගැමුණු හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් කඩිනමින් සිය දායකත්වය දැක්වූහ.

  • යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය වෙත අවසන් ගෞරව දක්වයි

    2023-07-09 20:21:21

    යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය වෙත අවසන් ගෞරව දක්වයි

    වසර 28 කට වැඩි කාලයක් රට වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා (07) දින පස්වරුවේ යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් හෝමාගම, ගලවිලවත්ත - නියදගල සුසාන භූමියේදී සිදුකෙරිණි.

  • 64 සේනාංකයේ භටපිරිස්වල මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි

    2023-07-09 18:36:18

    64 සේනාංකයේ භටපිරිස්වල මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ජෝර්ජ් ගුණරත්න අක්‍ෂි පරීක්‍ෂණායතනයේ වෛද්‍යවරුන්ගේ සහයෝගීතාවයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන වැසියන් සඳහා ජංගම අක්‍ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (ජූලි මස 02) දින ඔඩ්ඩුසුඩාන් ජාතික පාසල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී දියත්කරන ලදී.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ක්ෂේත්‍ර සංචාරයක

    2023-07-09 18:32:30

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ක්ෂේත්‍ර සංචාරයක

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජුලි මස 3 සහ 4 දෙදින තුළ අයියකච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ මැණික් ෆාම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශවල ස්ථාපිත 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයන්හි නිරතවිය.

  • අධික වර්ෂාවෙන් විපතට පත්වූවන් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    2023-07-09 18:28:51

    අධික වර්ෂාවෙන් විපතට පත්වූවන් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

    අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වයත් සමඟ ජුලි මස 06 වන දින ගමනාගමන කටයුතුවලට සිදු වූ බාධා, නිවාස සහ ගොඩනැගිලි හානි, ගස් කඩා වැටීම් ආදී ව්‍යයසනයන් සහ විවිධ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් 60 කට අධික පිරිසක් සිය දායකත්වය දක්වමින් පැය කිහිපයක් ඇතුළත එම සුන්බුන් ඉවත් කර, අලුත්වැඩියා කටයුතු සිදුකර මුදවාගැනීමේ කටයුතු ද සිදුකරනු ලැබූහ. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දාගොන්න, කඩවල, හල්ගහවෙලවත්ත, කටුවැල්ලේගම, බෝබුගම්මන සහ පලුගහවෙල යන ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් නිවාස 73 කට සහ විහාරස්ථාන දෙකකට හානි සිදු විය.