Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2023 00:09:08 Hours

ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගේ පුහුණු ක්‍රමවේදයන්හි එක් කොටසක් වශයෙන් පසුගිය සඳුදා (ජූලි මස 10) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි රාජකාරි සම්බන්ධයෙන් මූලික දැනුම ලබාගත්හ. ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකු සහභාගී විය. මෙම සංචාරය සඳහා යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස්.පී. වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද එක්ව සිටියහ.

සංචාරයේ නිරත ශිෂ්‍ය නිලධාරින් පිරිස යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් ශිෂ්‍ය නිලධාරීන් පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් බහුකාර්ය ශාලාවේදී ‘බලඇණි අණදෙන නිලධාරියෙකුගේ සමකාලීන භූමිකාව’ මැයෙන් දේශනයක් පවත්වමින් ශිෂ්‍ය නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්ණෝත්තර සැසියක් ද පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් කණ්ඩායම ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය, එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ක්‍රියාන්විත මැදිරිය සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංචාරයේ නිරතවූහ. එම අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හිදී සිය කාර්යභාරයන් පිළිබඳ ඔවුන් දැනුවත් කරනු ලැබීය. මෙම සංචාරය සඳහා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.