Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2023 18:32:30 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ක්ෂේත්‍ර සංචාරයක

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජුලි මස 3 සහ 4 දෙදින තුළ අයියකච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ මැණික් ෆාම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශවල ස්ථාපිත 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයන්හි නිරතවිය.

එම ඒකක මූලස්ථානයන් සහ පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඒකක අණදෙන නිලධාරින් වන ලුතිනන් කර්නල් ඩී.ජී.ජේ.බී.පී. දෙඹටගහවත්ත යූඑස්පී පීඑස්සී සහ ලුතිනන් කර්නල් බී.ඒ.එල්. බාලසූරිය ආර්එස්පී යූඑස්පී හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එච්.ඒ.ඒ.එන්.සී. ප්‍රභාත් ආර්එස්පි යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප සහ පැළ සිටුවීමට ද එතුමන් සහභාගී විය. භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එතුමන් වෙත විශේෂ සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී.

මෙම සංචාරයට සමගාමීව මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සරඹ භූමියේ අභිනවයෙන් ඉදිකළ නව විශේෂ පීඨිකාව විවෘත කරනු ලැබීය. අනතුරුව, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තරුණ නිලධාරින්ගේ පාඨමාලාවට සහභාගීවූවන් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත වූ එතුමන් අභිනවයෙන් ඉදිකළ නව බලළත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කළේය. සෑම කඳවුරු පරිශ්‍රයක් තුළම කාර්යභාරයන් පිළීබඳ දැනුවත් වීමෙන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයන් තුළදී භටපිරිස් සමඟ සුහද අදහස් හුවමාරු කරගැනීමට ද මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී කටයුතු කළේය. එම කඳවුරු පරිශ්‍රයන් තුලින් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබුවේය.

මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.පී.ජී.කේ. බාලසූරිය ආර්එස්පී පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.