Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2023 23:20:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රෙජිමේන්තු සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස පසුගිය දා ධූරයේ රාජකාරි භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

එහිදී, භටපිරිස් ආමන්ත්‍රණය කළ කර්නල් සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සාමාජිකයන්ගේ විනය සහ වෘත්තීයභාවය පවත්වාගැනීමේ වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාරධර්ම හා සම්ප්‍රදායන් ආරක්‍ෂා කරගනිමින් විනයානූකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සබැඳිව කරුණූ සාකච්ඡා කරමින් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ කඳවුරේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නව්‍ය විසඳුම් යෝජනා කිරීමට ද මෙහිදී නිලධාරීන් දිරිමත් කළේය.