Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2023 23:58:20 Hours

23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජූලි මස 7) දින එම සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. සේනාංක මූලස්ථානය වෙත සපැමිණී බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරාවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් සේනාංක මූලස්ථානයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි සඳහා කැපවීමේ වැදගත්කම සහ වගකීම් ඉටුකිරීමේදී ධනාත්මකව කටයුතු කිරීම පිළිබඳ අවධාරණය කරමින් සිය දැක්ම පිළිබඳ සේනාංක භටපිරිස් දැනුවත් කළේය. මෙම උත්සව අවස්ථාව සඳහා 23 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ප්‍රාදේශීය මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.