2023-07-11 00:21:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති කොරියානු තානාපති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන්හි වැඩිම ඉසව් ගණනකින් ශූරතාවයන් දිනා ගැනීමට සමත්වූහ. තරගාවලියේ කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි කාණ්ඩය, කිලෝග්‍රෑම් 46 - 58 න් පහළ සහ කිලෝග්‍රෑම් 61 - 75 ට අඩු කාන්තා සහ Aerobics කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් දිනාගත් අතර කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි (බී කණ්ඩායම) අනුශූරතාව ද දිනාගත්හ.
2023-07-11 00:09:08
බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගේ පුහුණු ක්‍රමවේදයන්හි එක් කොටසක් වශයෙන් පසුගිය සඳුදා (ජූලි මස 10) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි රාජකාරි සම්බන්ධයෙන් මූලික දැනුම ලබාගත්හ. ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකු සහභාගී විය. මෙම සංචාරය සඳහා යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස්.පී. වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද එක්ව සිටියහ.
2023-07-10 23:58:20
පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජූලි මස 7) දින එම සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. සේනාංක මූලස්ථානය වෙත සපැමිණී බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරාවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.
2023-07-10 23:42:50
23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 231 පාබල බලසේනාවට අයත් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 53 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින හබරණ, ගල්ඔය ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් නිවාදැමීමට සිය සහයෝගය ලබාදුන්හ. ලැව් ගින්න පැතිරීමත් සමඟ හබරණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් 231 පාබල බලසේනාවේ භටපිරිස් සහ ප්‍රදේශයේ අනෙකුත් පිරිස් මෙම ගින්න නිවාදැමීම සඳහා අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.
2023-07-10 23:20:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස පසුගිය දා ධූරයේ රාජකාරි භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2023-07-10 11:34:44
ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව පැසිපන්දු පිටිය පසුගිය සෙනසුරාදා (ජූලි මස 08) දින උදෑසන පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණී.
2023-07-10 09:33:21
මනම්පිටිය, කොටලීය පාලම අසලදී පසුගිය ඉරිදා (09) දින සන්ධ්‍යාවේ 7.30 ට පමණ කොටලීය ඔයට පෙරලුණු බස් රථයේ මඟින් මුදවාගැනීම සඳහා 12 ගැමුණු හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් කඩිනමින් සිය දායකත්වය දැක්වූහ.
2023-07-09 20:21:21
වසර 28 කට වැඩි කාලයක් රට වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා (07) දින පස්වරුවේ යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් හෝමාගම, ගලවිලවත්ත - නියදගල සුසාන භූමියේදී සිදුකෙරිණි.
2023-07-09 18:36:18
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ජෝර්ජ් ගුණරත්න අක්‍ෂි පරීක්‍ෂණායතනයේ වෛද්‍යවරුන්ගේ සහයෝගීතාවයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන වැසියන් සඳහා ජංගම අක්‍ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (ජූලි මස 02) දින ඔඩ්ඩුසුඩාන් ජාතික පාසල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී දියත්කරන ලදී.
2023-07-09 18:32:30
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජුලි මස 3 සහ 4 දෙදින තුළ අයියකච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ මැණික් ෆාම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශවල ස්ථාපිත 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයන්හි නිරතවිය.