නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක්

7 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 5 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 28 දින කුලියාපිටිය, කිරින්දාව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 5 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි මේජර් එස්.පී. ගාල්ලගේ යූඑස්පී සමඟින් 7 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.එස්.එස්. මුතුගොඩ යූඑස්පී පීඑස්සී සහභාගි වූහ.

උත්සවය අතරතුරදී, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සුබ මොහොතින් නිවසේ යතුරු සංකේතාත්මකව නිවාසලාභියා වෙත භාරදීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද පිරිනැමිණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.