නවතම තොරතුරු

උණුසුම් පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුළ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබලයි

2025-03-06
යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුළ ප

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ පරිපාලන විශිෂ්ඨත්වය සහතික කිරීම සඳහා වන කැපවීම තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු කිහිපයක සංචාරයක නිරතවිය.

තව කියවන්න

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-03-05
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුම

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මස 5 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රන් පදක්කම හිමි කර ගනී

2025-03-03
දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ර

දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය - 2025, පකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදී 2025 පෙබරවාරි මස 23 දින පැවැත්විණි.

තව කියවන්න

‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ක්‍රීඩකයින්ට ජයග්‍රහන රැසක්

2025-03-03
‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ක්‍රීඩක

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ අඛණ්ඩව 26 වන වරටත් 2025 පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 දින දක්වා පවත්වනු ලැබීය. අදියර තුනකින් යුත් මෙම තරඟය වීරවිල සිට රත්නපුර, මහනුවර, කුරුණෑගල සහ කටුනායක හරහා ගාලු මුවදොර දක්වා කිලෝමීටර 408 ක දුර ප්‍රමාණයක් ආවරණය කළ අතර, ඒ සඳහා විදේශීය තරඟකරුවන් ඇතුළු පාපැදි තරඟකරුවන් 166 දෙනෙකු සහභාගි වූහ.

තව කියවන්න

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

2025-03-03
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය -

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළුඅවි සංගමය‍ සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය - 2025, මාර්තු මස 02 දින අවසන් විය.

තව කියවන්න

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-02-25
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් හ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ ධම්මික කුමාර VSV USP psc MMaritimePol BSc (DS) 2025 පෙබරවාරි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

එක්සත් ජනපද තානාපතිනිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

2025-02-24
එක්සත් ජනපද තානාපතිනිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මෙනවිය 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

විවෘත ජල මුහුදු පිහිනුම් ශූරතාවලිය - 2025, යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

2025-02-23
විවෘත ජල මුහුදු පිහිනුම් ශූරතාවලිය - 2025, යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවෘත ජල මුහුදු පිහිනුම් ශූරතාවලිය මෙවරත් 2025 පෙබරවාරි මස 22 දින සිට 23 දින දක්වා කොළඹ වරාය නගර වෙරළ උද්‍යානයේදී සාර්ථකව පවත්වන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නව පරිඝණක ආශ්‍රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්ධතියක් හඳුන්වාදෙයි

2025-02-20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නව පරිඝණක ආශ්‍රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්

පරිඝණක ආශ්‍රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්ධතිය - අදියර 2 සහ myQ1 මෘදුකාංග යෙදවුම් නිල වශයෙන් එළිදැක්වීම 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

තව කියවන්න

අළුත්වැඩියා කළ ටාටා 709 ට්‍රක් රථ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

2025-02-20
අළුත්වැඩියා කළ ටාටා 709 ට්‍රක් රථ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මේ වනවිට යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත උඩවලව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළෙහි අළුත්වැඩියා කරන ලද ටාටා 709 ට්‍රක් රථ දහයක් 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්කෙරිණි.

තව කියවන්න