2025-02-23

විවෘත ජල මුහුදු පිහිනුම් ශූරතාවලිය - 2025, යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවෘත ජල මුහුදු පිහිනුම් ශූරතාවලිය මෙවරත් 2025 පෙබරවාරි මස 22 දින සිට 23 දින දක්වා කොළඹ වරාය නගර වෙරළ උද්‍යානයේදී සාර්ථකව පවත්වන ලදී.

තරඟාවලියේදී, යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය ආචාර්ය ගෙෆාරි දුලපාන්දන් ගේ මඟ පෙන්වීම යටතේ ශූරතා කුසලාන හතරෙන් තුනක් දිනා ගනිමින් කැපී පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කළේය.

තරඟාවලියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබළ එන්.එච්.ඒ ද සිල්වා කාන්තා අංශයේ කිලෝමීටර් 10 විවෘත ජල මුහුදු පිහිනුම් තරඟයෙන් රන් පදක්කම දිනා ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සාමාන්‍ය සෙබළ ආර්.බී.ඩී නිරෝෂන පිරිමි අංශයේ කිලෝමීටර් 10 විවෘත ජල මුහුදු පිහිනුම් තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගත්තේය.

පිරිමි අංශයේ කිලෝමීටර් 5 විවෘත ජල මුහුදු පිහිනුම් තරඟයේ රන් පදක්කම සාමාන්‍ය සෙබළ ආර්.බී.ඩී නිරෝෂන දිනා ගත් අතර, කාන්තා අංශයේ කිලෝමීටර් 5 විවෘත ජල මුහුදු පිහිනුම් තරඟයෙන් සාමාන්‍ය සෙබළ එන්.එච්.ඒ ද සිල්වා සිව්වන ස්ථානය දිනා ගත්තාය.