උණුසුම් පුවත්
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 21 දින සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන එළිදක්වයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන සහිත ග්‍රන්ථයන් 2025 මාර්තු මස 20 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී එළිදැක්වීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 18 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරතවිය.
‘ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස්’ තරඟාවලියේදී යුද්ධ හමුදාවට රිදී පදක්කමක්
ලොව පුරා සිටින විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලිය 2025 මාර්තු මස 12 දින ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පැවැත්විණි.
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ඔරු පැදීමේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ඔරු පැදීමේ ශූරතාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 දෙදින තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ධර්මරාජ විද්‍යාලයේ පැවති වාර්ෂික ක්‍රීඩා උළෙලට සහභාගි වෙයි
මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින ලේක් වීව් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට විදුහල්පතිතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සහභාගි විය.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන 9 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ පාලන කටයුතු පිළිබඳ සොයා බැලීමේ පියවර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc, 2025 මාර්තු මස 12 දින 9 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, යාන්ත්‍රික ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ පාලන කටයුතු පිළිබඳ සොයා බැලීමේ පියවර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc, 2025 මාර්තු මස 11 දින යාන්ත්‍රික ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදාධිපතිතුමන් දියතලාව, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 15 දින දියතලාව, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරතවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 16 සහ 17 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නිල සංචාරයක නිරතවිය.