නවතම තොරතුරු

උණුසුම් පුවත්

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 11 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

2025-02-13
දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 11 වන ශ්‍රී ලංකා වෛද්‍ය

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.

තව කියවන්න

ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලියේදී යුද්ධ හමුදා ගොල්ෆ් කණ්ඩායම් දක්‍ෂතා දක්වයි

2025-02-13
ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලියේදී යුද්ධ හමුදා ගොල්ෆ් කණ්ඩායම් දක්‍ෂතා ද

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය 2025 පෙබරවාරි මස 10 සහ 11 දෙදින තුළ නුවරඑළිය ගොල්ෆ් සමාජයේදී ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

තව කියවන්න

‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තවත් රන් පදක්කමක්

2025-02-12
‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා ය

ශ්‍රී ලංකාවේ පැරා-මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුළින් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සමත්විය.

තව කියවන්න

සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දස්කම් දක්වයි

2025-02-11
සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දස්

සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය - 2025 සඳහා සහභාගි වී විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් එම තරඟාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ ශූරතාවය ඇතුළු ශූරතා කිහිපයක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූහ. මෙම තරඟාවලිය 2025 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 02 දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති අතර, දිවයින පුරා කණ්ඩායම් 160 කට අධික සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා සහභාගි වූහ.

තව කියවන්න

රුවන්ඩාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය දූත පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

2025-02-11
රුවන්ඩාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය දූත පිරිසක් යුද්ධ හමු

රුවන්ඩාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් හමුදා පුහුණුවේ නිරතව සිටින දූත පිරිසෙහි ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අඟහරුවාදා (11) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

තව කියවන්න

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කටයුතුවල නිරතව සිටි 10 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට පැමිණෙයි

2025-02-11
දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කටයුතුවල නිරතව සිටි 10 වන ශ්‍ර

දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක සිය රාජකාරි නිමාවෙන් පසුව 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණියහ. තවත් නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ සේවයේ නිරතව සිටින අතර ඔවුන් ද නුදුරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-02-11
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුම

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රෝද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

තව කියවන්න

ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේදී බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් හට රන් පදක්කමක්

2025-02-11
ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේදී බළලත් නිලධ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන රෙජිමේන්තු අධිපතිතුමන්ට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2025-02-11
විශ්‍රාම දිවියට පා තබන රෙජිමේන්තු අධිපතිතුමන්ට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 පෙබරවාරි මස 8 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානයේ නව මාණ්ඩලික ප්‍රධාන රාජකාරි අරඹයි

2025-02-10
යුද්ධ හමුදා මූලස්ථානයේ නව මාණ්ඩලික ප්‍රධාන රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

තව කියවන්න