උණුසුම් පුවත්
ප්‍රගමන ප්‍රවර්ධන සහ නායකත්ව සංස්කරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
ප්‍රගමන ප්‍රවර්ධන සහ නායකත්ව සංස්කරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම් මොනිරුසාමන් (TAS), NGP, psc, BN 2025 අප්‍රේල් මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
13 වන ආරක්‍ෂක සේවා මාර්ග ධාවන තරඟය සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP ගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්‍ෂක සේවා මාර්ග ධාවන තරඟය - 2024/2025 පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී 2025 මාර්තු මස 23 දින පැවැත්විණි.
ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම සම්පූර්ණ කළ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහතිකපත් ප්‍රදානය කරයි
විවිධ තාක්‍ෂණික පාඨමාලාවන් හදාරා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ සුදුසුකම් ලැබූ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් 30 දෙනෙකු වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2025 අප්‍රේල් මස 02 දින වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමුඛ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අවසන් ගෞරව දක්වයි
ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 31 දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය අවසන් ගෞරව දැක්වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ පැවති වෛද්‍ය කඳවුරෙහි නිල සංචාරයක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කුරුණෑගල ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 මාර්තු මස 28 දින පන්ගොල්ල, අභිමංසල - 3 සුවතා නිකේතනයේ දී අදියර III යටතේ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ ‘ඉෆ්තාර්’ චාරිත්‍රය පැවැත් වීමේ අවස්ථාවට එක්වෙයි
කොළඹ 07 ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් බහුවිධ පහසුකම් සංකීර්ණයේ දී පැවති විශේෂ ‘ඉෆ්තාර්’ චාරිත්‍රය පැවැත් වීමේ වැඩසටහනට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 26 දින සහභාගි විය. මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සංස්කෘතික සහයෝගීතාවය ශක්තිමත් කරමින් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඉෆ්තාර් චාරිත්‍රය පැවැත්වීමේ සාම්ප්‍රදායික අවස්ථාව සනිටුහන් කරන ලදී.
ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 13 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි භාර ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරින් පුහුණු කිරීම සඳහා පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 13 හි ශිෂ්‍ය නිලධාරින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩී.පී වෙලගෙදර RSP USP psc IG සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පාලන පරීක්‍ෂාවක
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 21 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සහ එම මූලස්ථානය මගින් සිදුකරනු ලබන මෙහෙයුම් හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් නිල සංචාරක නිරත විය.